ෆුල් ෆේස් හෙල්මට් තහනම් – අද (23/02/2017) සිට ක්‍රියාත්මක නීතිය මෙන්න



ෆුල් ෆේස් හෙල්මට් තහනම් – අද (23/02/2017) සිට ක්‍රියාත්මක නීතිය මෙන්න

VIDEO
↓↓↓↓↓

යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණා.



එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින්.
එහි 4වන වගන්තියෙන් දැක්වෙන පරිදි යතුරු පැදියක යන පුද්ගලයකු ආරක්ෂිත හිස්වැසුමක් පැළැඳි විට එහි කිසිදු කොටසකින්  පැළැද සිටින තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපහැදිලිවීමක් හෝ සැඟවීමක්  නොවිය යුතු බවටයි සඳහන්ව ඇත්තේ.
තවද එහි 8වන වගන්තියෙන් දැක්වෙන පරිදි යතුරු පැදි ධාවන තරඟයකදී යතුරු පැදි ධාවනයට හැර,යම් මාර්ගයක යතුරු පැදි ධාවනය සඳහා මෙම විධි විධාන වලට අනුකූල නොවන හිස් වැසුම් භාවිත කිරීම හෝ විකිණීම කිසිදු තැනැත්තෙක් නොකළ යුතු බවට සඳහන්ව තිබේ.
එ අනුව ගත් කළ යතුරු පැදි ධාවන තරඟයකදී හැර, සාමාන්‍ය මහාමාර්ග වලදි සම්පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් එනම් ෆුල් ෆේස් හෙල්මට් මින් පසු තහනම් බව පැහැදිලිය.
ආරක්ෂිත හිස් වැසුමක වර්ණය පැහැදිලිව පෙනෙන බාහිර මතුපිටින් කිසිදු ආලෝක පරාවර්තනයක්   නොවන එකක් විය යුතු බවට නියෝග කරන නිමල් සිරිපාලද සිල්වා මහතා ආරක්ෂිත හිස් වැසුම 90%ක් තනි වර්ණයකින් යුක්ත විය යුතු බවද මෙහි වැඩිදුරටත් සඳහන්…
සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න..


No comments:

Theme images by fpm. Powered by Blogger.