Amithirigala Bike Accident - යතුරුපැදිකරුවෙක් තනි රෝදයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එම යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා



රුවන්වැල්ල බෝපාගම නඩුවත්ත ප‍්‍රදේශයේදී යතුරුපැදිකරුවෙක් තනි රෝදයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එම යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මිතුරෙකුට ජංගම දුරකථනයෙන් මෙම අවස්ථාව පටිගත කරන්නැයි පවසා අදාල තරුණයා යතුරුපැදියේ තනි රෝදයෙන් ගමන් කර තිබෙනවා.

අමිතිරිගල - නිට්ටඹුව ප‍්‍රධාන මාර්ගයේ නඩුවත්ත ප‍්‍රදේශයේදී ඊයේ සවස 4 ට පමණ මේ අනතුර සිදුවුණා. මේ ඔබ දකින්නේ අනතුර සිදුවන අවස්ථාව යතුරුපැදිය පැදවූ තරුණයාගේ මිතුරා විසින් රූගත කල ආකාරයයි.

මේ අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ ළහිරු ෂෙහාන් නැමති 19 හැවිරිදි තරුණයෙක්. පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස් රථයක ළහිරු පැදවූ යතුරුපැදිය ගැටී තිබුණා.

අනතුර සිදුවූ ස්ථානයේදීම යතුරුපැදිය පැදවූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


No comments:

Theme images by fpm. Powered by Blogger.