කොන්දොස්තරගේ චණ්ඩිකම - මිනිහෙක්ට ගහනවා

කොන්දොස්තරගේ චණ්ඩිකම - මිනිහෙක්ට ගහනවා 

කොන්දොස්තරගේ චණ්ඩිකම

අද නුවර ආවත් හදිසියේ නුවර එළියට එන්න උනා , අද රෑම කළුතර එන්න උවමනා නිසා නුවර එළිය කොළඹ ඒසී බස් එකට නැග්ගා ඒ වෙලාවෙ බස් එකේ ශීට් පිරිලා තිබුණේ , ඉදිරිපස ආසනයක හිටියේ අවුරුදු තිස් දෙකක් විතර වෙන කොල්ලෙක්, ටිකක් බීලාහිටියේ, කොන්දොස්තර මගීන්ට කතාකලේ මහ නින්දිත විදිහට, එකපාරටම තෝ බීලා නේද ඉන්නෙ කියලා කොන්දොස්තර අර ඉස්සරහා ඉඳපු කොල්ලට අමානුෂික විදිහට ගැහුවා, නලලට මැහුම් කිහිපයක් දාන්න වෙන විදිහට පහර දුන්නා, ඇහැට පෑනෙන් ඇන්නත් ඇහි බැමකට වැදිලා එතන පිපිරුණා, බස් එකේ හිටපු හැම මගියෙක්ම අර තරුණයා වෙනුවෙන් එකතු උනා, පෙරමුණ ගත්තු එකිනෙකාව නොහඳුනන අපි කොන්දොස්තරව පොලීසියට භාරදුන්නා, පහර කෑ තරුණයාව රෝහල් ගත කලා, අසාධාරණයක් වෙන තැන කතා කරන්න හයිය තිබුණු බස් එකේ හැමෝටම හිස නමා ආචාර කරනවා, මුලින්ම හඬ අවදිකල නමක් නොදන්න මල්ලිටත් මගේ ආචාරය......ඊට පෙරමුණ ගන්න ලැබීම මට සතුටක්, කාලය නාස්තිකරගෙන මාත් එක්ක පොලීසියට යන්න ආපු නමක් ගමක් නොදන්න කොල්ලො ටිකට හිස නමා ආචාර කරනවා, නුවරඑළිය පොලීසියටත් ⁣මල් මිටක්...


No comments:

Theme images by fpm. Powered by Blogger.